Discussion: Stress

Part I

  1. Clip 1 
  2. Clip 2 

Part II

  1. Clip 1
  2. Clip 2 
  3. Clip 3 

Advertisements
Posted in Uncategorized | Tagged , , , , | ප්‍රතිචාර 2

Contents ඇති දෑ

Page: Psychology මනෝ විද්‍යාව

General  එදිනෙදා

  1. මොකද්ද මේ මනෝ සෞඛ්‍යය?
  2. Marriage Vs. Wedding: Which is more important?
  3. Suicide: Why are we not taking this issue seriously?
  4. ඔබත් අන් අයට මෙන්ම ඔබටම වද දෙවන වදකාර රියැදුරෙක්ද? (රිය පැදවීම හා මනෝ විද්‍යාව)

About you  ඔබ ගැන

  1. Stress
  2. ක්ලමථය
  3. Anxiety and Tension
  4. කාංසාව හා ආතතිය
  5. We always do what we believe is correct, right? Wrong! – (Cognitive dissonance)

About you and others  ඔබ හා අන් අය ගැන

  1. The Ways We Deal With The World And Ourselves: Assertive/ Passive/ Aggressive/ Passive-aggressive
  2. Love and Possession
  3. ආදරය සහ අයිතිය
  4. උගුල්  Snares
  5. Beat them at their own game (Role of emotions in communication)

Page: Psychiatry මනෝ වෛද්‍ය විද්‍යාව

  1. අධි තීව්‍ර කාංසාව Panic attack
  2. මහන්සිය, කෙඩෙත්තුව, කළ කිරීම සහ එපා වීම – මේ විශාද රෝගයද?
  3. මොකද්ද මේ සයිකෝසියාව?

Page: Drugs මත් ද්‍රව්‍ය [Drugs, Alcohol and Tobacco මත් ද්‍රව්‍ය, මද්‍යසාර සහ දුම්කොළ]

SiyabasLogo

Get Sinhala

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

මොකද්ද මේ සයිකෝසියාව?

ඇත්තටම සයිකෝසියාව යනු එක් මනෝ රෝගයක් නොව රෝග කිහිපයක එකතුවකි. ස්කිට්සොෆ්‍රීනියාව හෙවත් භින්නෝන්මාදය, ඩිලූෂනල් ඩිස්ඕඩර් හෙවත් මායා විශ්වාස රෝගය මින් කිහිපයකි. වෙනත් සමහර මනෝ රෝග ඇති විටකදීද මෙම සයිකෝසියාවේ ලක්‍ෂණ පහළ විය හැක.

එහෙනම් අපි මුලින්ම බලමු සයිකෝසියාවේ මූලික ලකුණු මොනවාදැයි කියා.

මායා විශ්වාස:

මෙය විශ්වාසයකි; එනම් සිතුවිල්ලකි. නමුත් මෙහි විශේෂත්වය නම් පුද්ගලයා එම සිතුවිල්ලේ තදින්ම එල්බ ගෙන සිටීමයි. ඇත්තටම එම එල්බ ගැන්ම මොහොතකටවත් සෙළවිය නොහැකි තදබල එල්බ ගැනීමකි. තව කෙනෙකු මොන තර්ක ගෙන ආවත් සිතුවිල්ල වෙනස් කිරීමට මොන සාක්කි ගෙන හැර පෑවත් පුද්ගලයා සිතුවිල්ල වෙනස් නොකරයි.

උදාහරණයක් වශයෙන් සුමුදු නම් කෙනෙකු සේවායතනයේ තම ප්‍රධානියා තමාට විරුද්ධව ක්‍රියා කරන බවත් තමන්ව නොකළ වරදකට හසු කරවීමට යන බවත් විශ්වාස කරනවා කියමු. දිනක් මෙම ප්‍රධානියා සුමුදු ගැන තවත් කෙනෙකු සමග ප්‍රශංසා කරන හැටි සුමුදුට අහම්බෙන් ඇසුණා යැයි සිතමු. එවිට සුමුදුට ‘මා සිතූ සිතුවිල්ල ඇත්තටම වැරදි නේ’ දැයි සිතෙනු ඇත. එසේ නම් මෙය නීරෝගී සිතුවිල්ලකි. නමුත් මෙය මායා විශ්වාසයක් නම් සුමුදු කෙසේවත් තම මතය වෙනස් නොකරයි. ‘ඔය හොඳ කියනවා ඇත්තේ මා අසා සිටින බව කෙසේ හෝ දන්නා නිසා’යැයි කියමින් තම කලින් විශ්වාසයේම එල්බ ගෙන සිටියි.

මායා විශ්වාසයක අනෙකුත් ලකුණ වන්නේ එම විශ්වාසය සාධාරණ හේතුවක් නැතිව එළැඹි තීරණයක් වීමයි. සුමුදු මෙන් සේවකයින් පෙළන ප්‍රධානීහු කොතෙකුත් සිටිති. එසේ තම ප්‍රධානියා ගැන සිතීම මායා විශ්වාසයක් නොවෙයි. එහෙත් සුමුදු තම ප්‍රධානියා තමනට අහිතක් කිරිමට යන බව දැන ගත්තේ කෙසේදැයි විමසූ කළ ඔහු මෙවැනි පිළිතුරක් දුන්නොත්:

“මගේ ප්‍රධානියා මෑතක සිට නිතර එයාගේ පුද්ගලික ජංගම දුරකතනයෙන් කාර්යාලයේදී ඇමතුම් ගන්නවා. ඒ හැම විටම එයා ඇස් කොනෙන් මා දෙස බලනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මට විරුද්ධව කුමන්ත්‍රණයක් තමයි.”

මේ කියන ලෙස කාර්යාලයේදී දුරකතන ඇමතුම් ගැනීම සත්‍යයක් වුවත් එමනිසා ප්‍රධානියා සුමුදුට විරුද්ධව කුමන්ත්‍රණ කරන්නේ යැයි නිගමනය කිරීම සාධාරණ නොවෙයි. මෙසේ සාධාරණ නොවන තීරණවලට එළැඹීම මායා විශ්වාසයක ලකුණක් විය හැක. නමුත් ඒ නිසාම පමණක් සුමුදුට ඇත්තේ මායා විශ්වාසයකැයි නොකිව යුතුය.

මෙසේ අන් අය තමනට හානි කරනවා යන තේමාවට අමතරව, අන් අය වට පිට තැන තැන සමහරවිට මාධ්‍ය තුළත් තමන් ගැනම කතා කරන්නේය යන තේමාවද සුලබ මායා විශ්වාස තේමාවකි.

භ්‍රාන්ති:

මායා විශ්වාසයක් යනු සිතුවිල්ලක් නම් භ්‍රාන්තයක් යනු සංවේදනයකි. පංචේන්ද්‍රිය අනුව භ්‍රාන්ති වර්ග පහකි. එනම් ශ්‍රව්‍ය (කනට ඇසෙන), ගන්ධ (නහයට දැනෙන), රස (දිවට දැනෙන), ස්පර්ශ (සිරුරට දැනෙන) සහ දෘශ්‍ය (ඇසට පෙනෙන) වශයෙනි. මෙයින් වඩාත්ම සුලබ වන්නේ ශ්‍රව්‍ය (කනට ඇසෙන) භ්‍රාන්ති වන අතර දෘශ්‍ය (ඇසට පෙනෙන) භ්‍රාන්ති වඩාත්ම දුලබ ලෙස දක්නට ලැබෙන භ්‍රාන්ති වර්ගය වෙයි.

යමෙකු කතා කරන විට අපට එම කටහඬ ඇසෙයි. එම පුද්ගලයා කතා කරනවා පෙනෙයි. නමුත් ශ්‍රව්‍ය භ්‍රාන්තියකදී සිදු වන්නේ ඇත්ත ලෝකයේ එසේ හඬක් නොඉපදී කෙනෙකුට එවැනි හඬක් ඇසීමයි.

උදාහරණයක් ලෙස සුමුදුට තම ප්‍රධානියා තමන් ගැන අගතිගාමී දේ දුරකතනයෙන් කියනවා ඇසෙනවා කියමු. එහෙත් ඔහු සිටින්නේ සුමුදුට සෑහෙන දුරකින් වීදුරු කුටියක් තුළයි. එසේනම් මේ සුමුදුට ඇසෙනවා ඇත්තේ ඇත්ත හඬ නොවි හැක. එය ශ්‍රව්‍ය භ්‍රාන්තියක් විය හැක.

මීටත් වඩා සුලබව දක්නට ලැබෙන උදාහරණයක් නම් සුමුදුට පෙනෙන තෙක් මානයේ තම ප්‍රධානියා නැති විටකදී ඔහු තවත් කෙනෙකු සමග සුමුදුට විරුද්ධව කුමන්ත්‍රණ කරන අයුරු ළඟ සිට අසා සිටින විට ඇසෙන අයුරින් සුමුදුට ඇසීමයි. එවැනි අත්දැකීමක් දැනුණු පළමු දිනයේදී සමහරවිට සුමුදු කළබල වී මෙසේ ඇසෙන්නේ කෙසේදැයි වට පිට බැලුවා විය හැක; කාමරය තුළ ඇති යම් ශබ්ද උපකරණයකින් නැතිනම් දුරකතනයකින් මෙසේ හඬ පිට වේදැයි පරීක්‍ෂා කර බැලුවා විය හැක. එසේම මෙම ඇසෙන හඬට තමන් නැවත කතා කරමින් ප්‍රතිචාර දැක්වීමටද ඉඩ ඇත. එවිට අන් අයට එම පුද්ගලයා තනිවම කතා කරනවා හෝ සිනහා වෙනවා යැයි පෙනෙනු ඇත.

ආහාරයක් කට තුළ නැතිව නොයෙකුත් රසයන්ද අන් අයට නොදැනෙන නොයෙකුත් ගඳ සුවඳද මෙසේ දැනීමට ඉඩ ඇත. එසේම සම මත යම් යම් සංවේදනද සිරුර ගැඹුරින් යම් සංවේදනද ලෙසින් සමහර විට භ්‍රාන්ත ඇති විය හැක.

මායා විශ්වාස සහ භ්‍රාන්ති ගැන පුද්ගලයා තුළ ඇතිවන අවබෝධය:

මෙම විශ්වාස සහ සංවේදන ඒවා අත් දකින පුද්ගලයා තුළ ඇති වන්නේ ඉතාමත් යාථාර්තවාදී ලෙසයි. එනම් සුමුදුට තමන්ට මෙසේ කට හඬ ඇසෙන බවට හොඳටම විශ්වාසය. මන්ද ඒවා ඔහුගේ දෙසවනට සත්‍ය කට හඬ ඇසෙන ලෙසටම ඇසෙන නිසාය. එම විශ්වාස සත්‍ය ලෙසම දැනෙන නිසාය. එම නිසා සුමුද සමග කොතරම් වාද කළත් සුමුදුට එම අත් දැකීම් සත්‍ය නොවන බවට ඒත්ත් නොයයි.

මෙය සුමුදුගේ මුරණ්ඩු සොබාවය හෝ මෝඩකම යැයි වරදවා වටහා නොගත යුතුය. මෙය රෝග ලක්‍ෂණයකි. ප්‍රතිකාර වලින් මෙම අත් දැකීම්වල ප්‍රබල බව ටික ටික අඩු වී යයි. එවිට එම පුද්ගලයාට එම විශ්වාස සංවේදන එතරම් කරදරකාරී වන්නේ නැත. බොහෝ විට සම්පූර්ණයෙන්ම අතුරුදන් වී යයි.

සයිකෝසියාව යනු මෙම භ්‍රාන්ත හෝ මායා විශ්වාස හෝ මේ දෙකම එකවිට දක්නට ලැබෙන ඕනෑම මනෝ රෝගයකි. කලින් සඳහන් කළ භින්නෝන්මාදය (ස්කිට්සොෆ්‍රීනියාව) සහ මායා විශ්වාස රෝගය (ඩිලූෂනල් ඩිස්ඕඩර්) සයිකෝසියාවට අයත් ප්‍රධානම රෝග දෙකයි. තවත් බොහෝ මනෝ රෝග ඇති විට සමහර අයට සියිකෝසීය ලකුණු පහළ විය හැක.

නිදසුනක් ලෙස විෂාදය ඇති කෙනෙකුට සමහර විට දුක කළකිරීමට අදාළ තේමාවක් යටතේ මායා විශ්වාසයක් හෝ ශ්‍රව්‍ය භ්‍රාන්තියක් ඇති විය හැක. එසේම ඩිමෙන්ශියාව, මේනියාව සහ යම් මද්‍යාසාර/ මත් ද්‍රව්‍ය (විශේෂයෙන්ම කංසා) පාවිච්චිය හා සම්බන්ධ රෝග වලදී සියිකෝසීය තත්ව ඇති විය හැක.

සයිකෝසියාව යනු රෝග පන්තියක් බැවින් එම රෝග ගැන වෙන වෙනම කතා කිරීමේදී රෝග කාරක, ප්‍රතිකාර සහ සුවය ලැබෙන හැටි ගැන මතුවට එම එක් එක් රෝගය යටතේ කතා කරමු.

Posted in Uncategorized | Tagged , , , , , , | ප්‍රතිචාර 4

Contents ඇති දෑ

  1. Stress
  2. ක්ලමථය
  3. Anxiety and Tension
  4. කාංසාව හා ආතතිය
  5. අධි තීව්‍ර කාංසාව Panic attack
  6. A breathing exercise to reduce anxiety and tension  කාංසාව හා ආතතිය අඩු කිරීමට ව්‍යායාමයක්
  7. මහන්සිය, කෙඩෙත්තුව, කළ කිරීම සහ එපා වීම – මේ විශාද රෝගයද?
  8. මොකද්ද මේ මනෝ සෞඛ්‍යය?
  9. The Ways We Deal With The World And Ourselves: Assertive/ Passive/ Aggressive/ Passive-aggressive
  10. Love and Possession
  11. ආදරය සහ අයිතිය
  12. Why people sing and dance after alcohol?
  13. මද්‍යසාරයේ ඇතුළු පැත්ත
  14. මද්‍යසාර චණ්ඩිකම නොන්ඩිවන හැටි – වීඩියෝව/ Deflating alcohol aggression – video
  15. Marriage Vs. Wedding: Which is more important?
  16. Suicide: Why are we not taking this issue seriously?
  17. Recommendations of Presidential Task Force on Prevention of Suicide – 1997
  18. උගුල්  Snares
  19. ඔබත් අන් අයට මෙන්ම ඔබටම වද දෙවන වදකාර රියැදුරෙක්ද? (රිය පැදවීම හා මනෝ විද්‍යාව)

SiyabasLogoGet Sinhala

වෛද්‍ය මහේෂ් රාජසූරිය

ඔහු දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යනාංශයේ ‍ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය‍වරයෙකුසේද කොළඹ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ 59 වාට්ටුවේ විශ්ව විද්‍යාලයීය මනෝ වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය‍වරයෙකුසේද රාජකාරි කරයි.

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

මහන්සිය, කෙඩෙත්තුව, කළ කිරීම සහ එපා වීම – මේ විශාද රෝගයද?

– මනෝ වෛද්‍ය විශේෂඥ සුනීතා ගලප්පත්තිගේ ලිපියක් පාදක කොටගෙන මනෝ වෛද්‍ය විශේෂඥ මහේෂ් රාජසූරිය හා සාකච්ඡා කොට සැකසුණි.

 

අවිචාරශීලී මෝඩ ප්‍රශ්ණයක් ඇසූ විට “නුඹට පිස්සුදැ” යි අපෙන් කෙනෙකු අසනු ඇත. මේ අනුව ‘පිස්සුව’ යනු අවිචාරශීලී මෝඩකම යි. මෙය අප හැම තුළම ‍විටෙක දක්නට ඇත. නමුත් මානසික රෝග යනු වෙනත් එකකි. ඇත්තටම එකක් නොව මානසික රෝග රාශියක් ඇත. සමහරක් නැවත නැවත ඇතිවන රෝග වන අතර සමහරක් එසේ නොමැති ඒවා ය. මේ වෑයම ඉන් එකක් වන විශාදය ගැන ඔබට යමක් කීම යි.

ප්‍රශ්‍ණ සහ අවාසනාවන්ත සිදුවීම් යනු මිනිස් ජීවිතයේ කොටසකි. සෑම කෙනෙකුටම අසතුටු දායක සිදුවීම් වලට මුහුණ දීමට සිදු වන අතර, තාවකාලික වශයෙන් දුක් මුසු භාවයට පත් විය හැක. ජිවිතයේ මුහුණ දීමට සිදුවන පැරදීම් වලදී මිනිසුන් තාවකාලික වශයෙන් තමාටම දොස් කියා ගැනීම, දුක්මුසු භාවයක් හෝ හිස් බවක් දැනීම ස්වභාවිකය. එම හැඟීම් ටික කාලයකදි මඟ හැරියයි.  නමුත් විශාදය නමැති රෝග තත්වය ඇති වු විට ඉහත දැක්වු ලක්ෂණ ඉතා තදින් හා වැඩි කාලයක් පවතී. මෙවැනි පීඩාකාරි සිතුවිලි ඔහුගේ/ ඇයගේ රැකියාව, පවුල් ජිවිතය හෝ ඉගෙනීම් කටයුතු වලට බාධාවක් වේ. එසේම විශාදය නිසා කෙනෙ‍කුගේ සිතුවිලි හැසිරීම් පමණක් නොව ශාරීරික ක්‍රියාකාරකම් පවා වෙනස් විය හැක.

ඒවායෙන් සමහරක් පහත දැක්වේ.

  • තමා අසරණ, කිසිම අනාගතයක් නැති, වැදගැන්මක් නැති  කෙනෙකු සේ සිතීම/ දැනීම
  • නිසි ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් නිදා ගැනීම
  • තීරණ ගැනීමේ හෝ යමක් කෙරෙහි අවධානය යොමු කිරීමේ අපහසුවග
  • එදිනෙදා වැඩ කටයුතු සඳහා ඇති උනන්දුව අඩු වීම
  • ලිංගික ජීවිතය ගැන උනන්දුව අඩු වීම
  • අන් අයගෙන් ඈත් වීමට තැත් කිරීම
  • ඉතා තදින් ඇති වන කල්පවතින දුක්මුසු භාවය
  • හේතුවක් නැතිව හෝ ඉතා සුළු දේවල් මත හෝ තමා වැරදි කාරයෙකු යැයි සිතීම
  • ඉතා තදින් මහන්සිය දැනීම හෝ තමාගේ ඇගේ ශක්තිය අඩුසේ දැනීම
  • මරණය ගැන නිතර සිතීම

ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු ඉහත සඳහන් ලක්ෂණ වලින් කිහිපයක් පෙන්නුම් කරයි නම් මෙම විස්තරය ඔබට ප්‍රයෝජනවත් වේයැයි සිතමු.

විශාදය ඇති වීමට හේතු මොනවාද ?

විශාදය ඇති වීමට හේතුව සරළව පැහැදිලි කිරීම අපහසුය. නමුත් පහත සඳහන් එක් සාධකයක් හෝ වැඩි ගණනක් යමෙකු තුල විශාදය ඇතිවීම සඳහා හේතු වූවා විය හැක.

  • පාරම්පරික නැඹුරුතාවය හෙවත් ජානමය බලපෑම
  • පුද්ගලයා ලොව දකින ස්වභාවය: උදාහරණයක් ලෙස හැම දෙයක්ම සර්ව සම්පූර්ණ ලෙස සිදු විය යුතුයැයි යන මතයේ සිටීම
  • විශේෂිත වු අසහනකාරි සිදුවීම්
  • කල් පවතින පීඩාකාරී තත්ව: උදා. බීමත් සැමියෙකු සිටීම

විශාදය කොපමන කාලයක් පවතීද ?

විශාදය මාස 06 ක් – අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් පැවතිය හැක. නමුත් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගතහොත් මෙම රෝග ලක්ෂණ ඊට අඩු කාලයකින් සුවකර ගත හැක.

විශාදය සහ ජීවිතයේ සාමාන්‍ය දුක අතර වෙනස කුමක්ද?

කෙනෙකුට ඇත්තේ විෂාදය නම් රෝග ලක්‍ෂණ (උදා: දුක්මුසු ස්වභාවය, විඩාබර ගතිය) දවස පුරා දිනපතා කාලයක් තිස්සේ පවතියි. සතුට ගෙන දෙන දෙයකට මුහුණ දුන්නද රෝග ලක්‍ෂණ පහව නොයයි. විෂාදයට හේතු වූයේ යම් සිද්ධියක්ද (උදා: පවුලෙන් වෙන් වීමට සිදු වීම) එම සිද්ධිය ආපස්සට හැරවූවත් (උදා: නැවත පවුල සමග එක් වීමට ලැබීම) රෝග ලක්‍ෂණ එකවර පහව නොයයි. එසේම විෂාදය ඇති වන්නේද එකවර නොව, ක්‍රම ක්‍රමයෙන්ය.

ප්‍රතිකාර ලබා සුව වු පසු නැවත විශාදය ඇති විය හැකිද ?

විශාදය රෝගය ප්‍රතිකාර මඟින් සුව වුවත් සමරහ අයට නැවත විශාදය ඇති විය හැක. එබැවින් වෛද්‍යවරයා සමග කතා නොකර ප්‍රතිකාර නතර නොකළ යුතුය.

විශාදයට ප්‍රතිකාර කරන්නේ කෙසේද ?

විශාදය බොහෝ දුරට සුවකළ හැකි රෝගයක් ලෙස සැළකෙයි.  විශාදය සඳහා ප්‍රතිකාර වන්නේ ඖෂධ වර්ග හෝ මනෝ ප්‍රතිකාරය යි. එසේ නැතිනම් ඖෂධ හෝ මනෝ ප්‍රතිකාරය යන දෙකම යොදා ගත හැක. නමුත් අවාසනාවන්ත තත්වය වන්නේ විශාදය ඇති බොහෝ අය ප්‍රතිකාර ලබා නොගැනීම නිසා රෝගය උත්සන්න වී රැකියාව අහිමිවීම හෝ ඊටත් වඩා බරපතළ හානි සිදුවීමයි. මෙයට එක් හේතුවක් වන්නේ සමාජයේ මානසික රෝග ගැන ඇති වැරදි ආකල්ප සහ දුර්වල අව‍බෝධයයි. එසේම මානසික රෝග සඳහා ප්‍රතිකාර ඇති බව නොදැනීමයි.

පවුලේ අය හා හිතමිතුරන් වශයෙන් ඔබට කළ හැක්කේ කුමක්ද ?

ඉතා තදින් විශාදය ඇති අයෙකු සමඟ ජිවත් වීම හෝ උදව් කිරිමට යෑම අපහසු විය හැක. මක්නිසාදයත් විශාදය නිසා ඔහු හෝ ඇය නිතරම සමාජයෙන් අයින් වීමට තැත් කරන බැවිනි. නැතහොත් නිතර නොරිස්සීමෙන් සිටින බැවිනි. එසේම ඔවුන් තමාට මානසික රෝගයක් ඇතැයි පිලිගැනීමට අකමැති වනු ඇත.

ඔහු/ ඇය පවුලේ වෛද්‍යවරයා වෙත එක්ක යන්න උත්සාහ කරන්න. සමහරවිට ඔහුට/ ඇයට මෙ‍ම ලිපිය පෙන්වීම ප්‍රයෝජනවත් විය හැක.

Posted in Uncategorized | ප්‍රතිචාර 3

Contents ඇති දෑ

  1. Stress
  2. ක්ලමථය
  3. Anxiety and Tension
  4. කාංසාව හා ආතතිය
  5. අධි තීව්‍ර කාංසාව Panic attack
  6. A breathing exercise to reduce anxiety and tension  කාංසාව හා ආතතිය අඩු කිරීමට ව්‍යායාමයක්
  7. මොකද්ද මේ මනෝ සෞඛ්‍යය?
  8. The Ways We Deal With The World And Ourselves: Assertive/ Passive/ Aggressive/ Passive-aggressive
  9. Love and Possession
  10. ආදරය සහ අයිතිය
  11. Why people sing and dance after alcohol?
  12. මද්‍යසාරයේ ඇතුළු පැත්ත
  13. මද්‍යසාර චණ්ඩිකම නොන්ඩිවන හැටි – වීඩියෝව/ Deflating alcohol aggression – video
  14. Marriage Vs. Wedding: Which is more important?
  15. Suicide: Why are we not taking this issue seriously?
  16. Recommendations of Presidential Task Force on Prevention of Suicide – 1997
  17. උගුල්  Snares
  18. ඔබත් අන් අයට මෙන්ම ඔබටම වද දෙවන වදකාර රියැදුරෙක්ද? (රිය පැදවීම හා මනෝ විද්‍යාව)

SiyabasLogoGet Sinhala

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබත් අන් අයට මෙන්ම ඔබටම වද දෙවන වදකාර රියැදුරෙක්ද? (රිය පැදවීම හා මනෝ විද්‍යාව)

වෛද්‍ය මහේෂ් රාජසූරිය

ඔහු දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යනාංශයේ ‍ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය‍වරයෙකුසේද කොළඹ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ 59 වාට්ටුවේ විශ්ව විද්‍යාලයීය මනෝ වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය‍වරයෙකුසේද රාජකාරි කරයි.

 

ඔබ වාහන රියැදුරෙක්ද? ඔබේම හෝ වෙන කෙනෙකුගේ හෝ රැකියාව ලෙස හෝ ඔබ වාහන පදනවාද? නැතිනම් මෝටර් බයිසිකලයක් පදිනවාද? එසේ නම් මෙය ඔබට අදාළයි. එසේ නැතත් ඔබ අන් අය පදවන වාහන/ මෝටර් බයිසිකල් වල යන බැවින් ඔබටද මෙය අදාළයි.

සමහර රියැදුරන් බියජනක රියැදුරන්ය. සමහරුන් අපරිස්සම් අයය. තවත් සමහරු දුෂ්ට වෙති. සමහර අයට මෙම ගති කිහිපයක්ම එකට පිහිටා ඇත. මේ අය නිසා එම රියැදුරාත්, එම වාහනයේ යන අයත්, අනෙක් වාහන වල අයත්, පදිකයිනුත් අමාරුවේ වැටෙති; මානසික පීඩනයකට ලක් වෙති; මරණ පවා සිදු වෙයි. මීට හේතු – අධික වේගය, අන් අය ගැන නොසැළකීම. බීමත්කම, අබලන් වාහන, මාර්ග නීති නොදත්කම හෝ නොතැකීම වැනි හේතු – රැසකි.

මේ ලිපිය වෙන් වන්නේ මේ හේතු රැසට අමතරව කවුරුත් පාහේ සාමාන්‍යයෙන් කතා නොකරන එක් වෙසෙස් හේතුවක් විමසා බැලීමටයි. එනම් ඔබව වදකාර රියැදුරෙකු බවට පත් කරවන වාහන ගලනය නොපිටට දැකීම නම් තත්වයයි. මෙය රියැදුරාගේ මනස තුළ සිදුවන ක්‍රියාදාමයකි.

මෙය විස්තර කිරීමට කලින් මහ මගේ දිවෙන වාහන දෙකක් අතර හිදැස මණින හැටි ඉගෙන ගනිමු. කවුරුත් දන්නා ක්‍රමය නම් මේ සඳහා දුර පාවිච්චි කිරීමයි. එනම් පාරේ දිවෙන වාහන දෙකක් අතර මීටර දහයක් දුරක් ඇත;  ඔබ ඉදිරියෙන් ඇති වාහනයට අඩු තරමේ මීටර දහයක් පිටු පසින් ඔබේ වාහනය පදවන්න – යනාදි ලෙසින් මෙය පාවිච්චි කෙරෙයි.

වාහන අතර හිදැස මිණීමේ අනෙක් වඩා විද්‍යාත්මක ක්‍රමය නම් කාලය පාවිච්චි කිරීමයි. එනම් ඔබ ඉදිරියෙන් ඇති වාහනයට අඩු තරමේ තත්පර දෙකක් පිටු පසින් ඔබේ වාහනය පදවන්න යැයි කියනා විට අදහස් කරන දෙයයි.

ඔබ ඉදිරියෙන් ඇති වාහනයට තත්පර දෙකක් පිටු පසින් ඔබේ වාහනය පදවන්නේ කෙසේද? මෙය කළ හැකි සරළ ක්‍රමයක් ඇත. ඔබ ඉදිරියෙන් ඇති වාහනය ලාම්පු කණුවක් හෝ ගසක් හෝ වැනි නොසෙල්වෙන මග සළකුණක් පසු කරන විටම බිංදුවයි යැයි සිතින් කියන්න. ඉන් පසු තත්පර වේගයෙන් එක දෙක කියන්න. තුන කියන විට ඔබේ වාහනය එම සළකුණ පසු කළේ නම් ඉදිරි වාහනය හා ඔබ අතර හිදැස තත්පර තුනකි. අනතුරු වළකා ගැනීම සඳහා මෙය අවම වශයෙන් තත්පර දෙකක් වත් විය යුතුයැයි සොයාගෙන ඇත.

වාහන ගලනය හරිපිට දැකීම

මෙසේ දකින රියැදුරා මහ මග හා එහි යනෙන වාහන දකින්නේ දික් තීරු ලෙසයි. ඔහු/ ඇය සිතන්නේ මෙලෙසයි:

මහ මග දිග පටියකි. එහි මම දික් අතට ඉදිරියට යමි. අන් අයද ඉදිරියට යති. මට පෙර හා පසු පස අය ඇත. මේ අය මට තත්පර ගණනක් ළංව ගමන් කරනවා විය හැක. නැතිනම් මට නොපෙනෙන මානයක විනාඩි ගණනක ඈතින් සිටිනවා විය හැක. කෙසේ වෙතත් මට පෙර යන වාහනය හා ඊට පෙර ඇති වාහන කිහිපයත් මට පසු එන වාහනය හා ඊට පසු වාහන කිහිපයත් ගමන් කරන්නේ එක තීරුවකය. එක් දිගටය. හරියට රේල් පාරක රේල් පෙට්ට් දිවෙන හැටියටය. මෙයට තනි තීරුවේ වාහන ගලනය යැයි කියමි.

මාර්ගයේ මා යන පැත්ත වාහන දෙකකට ගමන් කිරීමට තරම් පළල නම් මට එය පෙනෙන්නේ තීරු දෙකකට වාහන ගමන් කළ හැකි මගක් ලෙසයි. එවිට වාහන ගලනය තීරු දෙකකට සිදුවෙතැයි කියමි. සමහර විට තීරු තුනේ හෝ ඊට වැඩි ගණනේ ගලන ඇති අවස්ථා ඉතා පුළුල් මාර්ග වල තිබිය හැක.

සමහර දියණු කළ මාර්ගවල මං තීරු සුදු ඉරෙන් ලකුණු කොට ඇත. එවිට මා අයිති වාහන ගලන මං තීරුව හඳුනා ගැනීම මටත් අන් අයටත් පහසුයි. එසේ නැති විට එය අපහසු වුවත් මම එවැනි මං තීරු සිතින් මවා ගෙන මගේ රිය පදවමි.

මා නිතර බලන්නේ මා අයිති මං තීරුවේ වාහන ගලනය කෙසේද කියායි. එය වේගවත් මදි නම් තව ටික වේලාවක් එය වෙනස් වේදැයි බලා මම වඩා වේගවත් ලෙස වාහන ගලනය සිදුවෙන මං තීරුවකට පරිස්සමින් මාරු වෙමි. වාහන ගොඩගැසුණු කාර්යාලීය වේලාවට නම් මං තීරු මාරු කිරීම එතරම් පලක් නැති බව මම දනිමි.

කෙටියෙන් කීවොත් මා වැඩි පුරම අවධානයෙන් සිටින්නේ මා ඉදිරියෙන් මගේ මං තීරුවේ යන වාහනය හා පසුපසින් එන වාහනය හා ඒවායේ වේගයන් ගැනයි. මගේ මං තීරුවේ සමස්ත වාහන ගලන වේගය හා එහි සුමුදු බව ගැන මම අවධානයෙන් සිටිමි.

වාහන ගලනය කනපිට දැකීම

මෙසේ දකින රියැදුරා මහ මග හා එහි යනෙන වාහන දකින්නේ හරස් පටි ලෙසයි. ඔහු/ ඇය සිතන්නේ මෙලෙසයි:

මහ මග හිස් ඉඩමකි. මෙහි මේ කෙළවරෙන් ඇතුළ් වුණු මා කෙසේ හෝ අන් කෙළවරෙන් පිට විය යුතුය. ඒ සඳහා මා කළ යුත්තේ මා ඉදිරියේ ඇති බාදක මැඩ ගෙන කෙසේ හෝ කොයි තරමින් හෝ ඉදිරියට යාමයි. මා අවට ඇති බාදක නම් අනෙකුත් වාහන/ බයිසිකල්/ පදියකයන්, සහ මාර්ගයේ ඇති වෙනත් සියළුම දෑය. වෙනත් සියළුම දෑ වලට මාර්ගය මත ඇඳ ඇති සියළු ආකාරයේ ඉරි/ කොටු/ ඊතළ වැනි දෑ, මාර්ගය මැද හෝ දෙපස ඇති සියළුම ආකාරයේ ඉදිකිරීම් (අයිලන්ඩ්, පදික වේදිකා, වර්ණ සංඥා කණු, මං සළකුණු ආදිය) පමණක් නොව වාහන පාලනයට සිටින පොලිස් නිළධාරින්ද ඇතුළත් වෙයි.

මේ සියල්ල මාගේ ගමනට ඇති බාදාය; උදවු නොවේය. මට ඉක්මණින් යා හැකි ක්‍රමය නම් කෙසේ හෝ මෙම බාදක අස්සෙන් දමා යාමයි. මං තීරු දෙකක ඇති වාහන පේළි දෙක අතර ඇති ඉඩක් අහක බලන පොලිස් නිළධාරියෙකු, රතු වැටෙන්න ඔන්න මෙන්න (හෝ මේ දැන් රතු වැටුණු) වර්ණ සංඥාවක්, මා ඉදිරියෙන් ඇති වාහනය හා මා අතර ඇති වන අඟල් හයක් හිදැසක් වැනි මේ සියල්ල කෙසේ හෝ තව ටිකක් මගේ ඉලක්කය වෙත යාමට/ බාදක පැරදවීමට ඇති මං ය. මේවා පැහැර හැරීම මෝඩ කමක් මිස වෙන කුමක්ද?

මං තීරු එකකට වැඩි මාවත් වලදී මට දකුණු පසින් හෝ වම් පසින් යන වාහනය මා පසු කොට යන්නේ නම් මා පැරදෙන බවක් මට දැනෙයි. එසේම මා යන්නේ මෝඩ රියදුරරෙකු පිටු පසින් විය යුතුය. එනම් මා වාහන ගලනය දකින ලෙස නොව වෙනත් ලෙසක එය දකින එසේම හෙමින් යන අදක්‍ෂ රියැදුරෙකු පසු පසය. බොහෝ විට ඒ කාන්තාවක් විය හැක. නැතිනම් වයසක පප්පෙකි. එසේ නම් මා වහාම ඉදිරි වාහනය කෙසේ හෝ පසු කර යා යුතුය. ඒ සඳහා මා දකුණට හෝ වමට වෙට්ටුවක් දමා යා යුතුය.

පාර දිගේ ඉරි ඇඳ ඇත්තේ බට්ටා පැනීමටදැයි මට සිතෙයි. හැකි තරම් පාරවල් පළලට තැනීම හැර වෙනත් කළ හැකි මාර්ග සංවර්ධනය කුමක්ද? පදික වේදිකා වැනි දෑ බඩ ගින්නට කෑමට ගත හැකිද? අඩු ගනනේ පුළුවන් තැනදී වත් පාර පළල් කළ යුතුයි. එවිට ඒ තැන් වලදී මා වැනි දක්‍ෂ රියැදුරන්ට අන් අයව ඉස්සර කොට ඉක්මණින් ගමනාන්තය කෙරෙහි යා හැක.

මෙසේ ඉක්මණින් යමාට ඉතාම වැදගත් මාගේ වාහනයේ වේගයයි. එය කෙතරම් සරළ සත්‍යයක්ද යත් එය සමහර අමනයින්ට වැටහෙන්නේ නැත්තේ ඇයි දැයි මට සිතෙයි. එම නිස මා ඉදිරියේ මීටර පණහක ඉඩක් පෑදී ඇතිනම්, එම මීටර පණහ අවසන තවත් වාහන පෙළක් ඇතත්, ඕනෑම මොළය ඇති රියැදුරෙකු කළ යුත්තේ හැකි උපරිම වේගයෙන් එම මීටර පණහ වාහනය පැදවීමයි. මෙහිදී වැර යොදා ඇකසලේටරය පාගන විට වාහනයේ යන අන් අය එකවර පසු පසට විසි වී යන අපූරු දසුන මට රියැදුරෙකු ලෙස සියමු ආඩම්බරයක් ගෙන දෙයි. එසේම මිටර පණහ අවසන මා එකවර ගසන බ්‍රේක් පහරට හීන් හඬක් සහිතව එකවර වාහනය නතර වන හැටි සහ එවිට ඇතුළේ සිටින මගියන්ගේ කඳ ඉදිරියට විසී වී නැවෙන හැටි (වාහන පටි නොපැළඳි අය විසි වී යන හැටි) මට සියුම් සැනසුමක් ගෙන දෙයි.

මෙසේ වාහනය තුළ යන අනෙක් මගියන්ව ගස්සමින් රිය පැදවීම මගේ දස්කමේ ලකුණකි. එපමණක් නොව මට ඔවුන්ව පාලනය කිරීමට ලැබෙන අවස්ථාවකි. සමහර ළාමක අය මා වාහන අතට ගන්නා විට හොඳටම බිය වෙයි. සමහර අය මා පසසයි.

ළාමක මෝඩ රියැදුරෝ, වෙසෙසින්ම ගැහැණු අය, පෙරහැරක් මෙන් එකා පසු පස එකා ගමන් කිරීමට මහත් රුචියක් දක්වති. වාහන අධික වෙලාවට යම් තැනක හිර වුණ විටි කට්ටිය පෝළිමට නවත්වාගෙන ලෝකයම නතරවුණාක් මෙන් සිටිති. මා වැනි දක්ස රියැදුරෝ එසේ නතර නොවෙති. තත්පරයකට හෝ නතර වීම අපේ ගමනාන්තයට යාම තත්පරයකින් හෝ ප්‍රමාද කරන බව මේ මෝඩ පෙරහැර රියැදුරන්ට තේරෙන්නේ නැත්තේ ඇයි?

මා ඉදිරියේ වාහනය නතර වුණොත් මා කරන්නේ කෙසේ හෝ ඉදිරියට යාමට මගක් සොයා ගැනීමයි. සමහර තැන්වල පදික වේදිකාවෙන් හෝ දමා ඉදිරියට යාමට හැකි වන මහඟු අවස්ථා පෑදෙයි. එම තැන් අප වැනි දක්ස රියැදුරන් එන තෙක් ආරාධනාවෙන් බලා සිටිනවා වැනිය. එම අවස්ථා මග හරින මෝඩයන් ගැන කතා කිරීමත් කාලය නාස්තියකි.

මෙසේ කොහින් හෝ දමා ඉක්මණින් යන, ඉදිරියෙන් යන වාහනය හා මා අතර ඉඩක් තබා නොගනිමින් මාර්ගයෙන් උපමරිම ප්‍රයෝජන ගන්නා අප වැනි රියැදුරන් නොවන්නට වාහන තද බදයන් මීටත් වඩා දරුණු වනු ඇත. මරදානේ වාහන පෝලිම එවිට මීගමුව දක්වා දික් වනු ඇත.

මා තෝරා ගත යුත්තේ කුමන ක්‍රමයද?

විද්‍යාත්මක අධ්‍යයනයන් වලදී පැහැදිලිව පෙනෙන කරුණ නම් වාහන ගලනය හරි පිට දකින රියදුරා අනතුරු අඩු සාමකාමී රියදුරෙකු බවයි. එක් ගමනක් අවසන් කිරිමට ඔහුට හෝ ඇයට විනාඩි විස්සක් ගත වෙයි නම් වාහන ගලනය නොපිට දකින රියදුරාට එම ගමන විනාඩි දහ අටකින් පමණ අවසන් කළ හැක. නමුත් සමහර විට එයද නොහැකි වී යයි.

එපමණක් නොව වාහන ගලනය නොපිට දකින රියදුරා සාමාන්‍යයෙන් ආතතිය කාංසාව වැඩි ක්ලමථය බෙහෙවින් පිරුණු පුද්ගලයෝය. ඔවුන්ගේ අවට සිටින අයද මේ අයගේ මෙම පුද්ගල සොබාවය හා වාහන පදවන විදය නිසා පීඩාවට පත් වෙති. මේ අය සාමාන්‍යයෙන් සෘජු බව අඩු ප්‍රචණ්ඩ බව වැනි වෙනත් අසෞඛ්‍යමත් ලෙස අන් අය සමග ගනුදෙනු කරන අයයි. එසේම මේ අය අන් අය නොයෙක් හේතු (උදා: කාන්තාවක් වීම, ගමකින් පැමිණීම වැනි) මත පහත් කොට සළකන අයයි.

වාහන ගලනය හරිපිට දකින රියදුරා තවමත් අප රටේ සුළුතරයයි. නමුත් දැන් දැන් එම පිරිස වැඩි වේගෙන එන බවක් දැනෙයි. මෙම රියදුරා සෘජු බවින් පිරුණු සාමකාමී සතුට සහිත කෙනෙකි. ඔහු හෝ ඇය අන් අය පහත් කොට නොසළකති. රටේ දියුණවට කැමති වෙති. අන් අය සමග වඩා හපන් ලෙස ගනු දෙනු කරති.

මෙම දෙවන ක්‍රමයට මාරු වීම මදක් ආයාසයෙන් කළ යුතු දෙයකි. නමුත් එය මනසේ අවුල් බව, ආතතිය අඩු කර ගැනීමේ එක් විදියක් බව මතක තබා ගන්න.

Posted in Uncategorized | ප්‍රතිචාර 5