මොකද්ද මේ විෂාද රෝගය?

අවිචාරශීලී මෝඩ ප්‍රශ්ණයක් ඇසූ විට “නුඹට පිස්සුදැ” යි අපෙන් කෙනෙකු අසනු ඇත. මේ අනුව ‘පිස්සුව’ යනු අවිචාරශීලී මෝඩකම යි. මෙය අප හැම තුළම ‍විටෙක දක්නට ඇත. නමුත් මානසික රෝග යනු වෙනත් එකකි. ඇත්තටම එකක් නොව මානසික රෝග රාශියක් ඇත. සමහරක් නැවත නැවත ඇතිවන රෝග වන අතර සමහරක් එසේ නොමැති ඒවා ය. මේ වෑයම ඉන් එකක් වන විශාදය ගැන ඔබට යමක් කීම යි.      

ප්‍රශ්‍ණ සහ අවාසනාවන්ත සිදුවීම් යනු මිනිස් ජීවිතයේ කොටසකි. සෑම කෙනෙකුටම අසතුටු දායක සිදුවීම් වලට මුහුණ දීමට සිදු වන අතර, තාවකාලික වශයෙන් දුක් මුසු භාවයට පත් විය හැක. ජිවිතයේ මුහුණ දීමට සිදුවන පැරදීම් වලදී මිනිසුන් තාවකාලික වශයෙන් තමාටම දොස් කියා ගැනීම, දුක්මුසු භාවයක් හෝ හිස් බවක් දැනීම ස්වභාවිකය. එම හැඟීම් ටික කාලයකදි මඟ හැරියයි.  නමුත් විශාදය නමැති රෝග තත්වය ඇති වු විට ඉහත දැක්වු ලක්ෂණ ඉතා තදින් හා වැඩි කාලයක් පවතී. මෙවැනි පීඩාකාරි සිතුවිලි ඔහුගේ/ ඇයගේ රැකියාව, පවුල් ජිවිතය හෝ ඉගෙනීම් කටයුතු වලට බාධාවක් වේ. එසේම විශාදය නිසා කෙනෙ‍කුගේ සිතුවිලි හැසිරීම් පමණක් නොව ශාරීරික ක්‍රියාකාරකම් පවා වෙනස් විය හැක.

ඒවායෙන් සමහරක් පහත දැක්වේ.

  • තමා අසරණ, කිසිම අනාගතයක් නැති, වැදගැන්මක් නැති  කෙනෙකු සේ සිතීම/ දැනීම
  • නිසි ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් නිදා ගැනීම
  • තීරණ ගැනීමේ හෝ යමක් කෙරෙහි අවධානය යොමු කිරීමේ අපහසුවග
  • එදිනෙදා වැඩ කටයුතු සඳහා ඇති උනන්දුව අඩු වීම
  • ලිංගික ජීවිතය ගැන උනන්දුව අඩු වීම
  • අන් අයගෙන් ඈත් වීමට තැත් කිරීම
  • ඉතා තදින් ඇති වන කල්පවතින දුක්මුසු භාවය
  • හේතුවක් නැතිව හෝ ඉතා සුළු දේවල් මත හෝ තමා වැරදි කාරයෙකු යැයි සිතීම
  • ඉතා තදින් මහන්සිය දැනීම හෝ තමාගේ ඇගේ ශක්තිය අඩුසේ දැනීම
  • මරණය ගැන නිතර සිතීම

ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු ඉහත සඳහන් ලක්ෂණ වලින් කිහිපයක් පෙන්නුම් කරයි නම් මෙම විස්තරය ඔබට ප්‍රයෝජනවත් වේයැයි සිතමු.

විශාදය ඇති වීමට හේතු මොනවාද ?

විශාදය ඇති වීමට හේතුව සරළව පැහැදිලි කිරීම අපහසුය. නමුත් පහත සඳහන් එක් සාධකයක් හෝ වැඩි ගණනක් යමෙකු තුල විශාදය ඇතිවීම සඳහා හේතු වූවා විය හැක.

  • පාරම්පරික නැඹුරුතාවය
  • පුද්ගලයා ලොව දකින ස්වභාවය: උදාහරණයක් ලෙස හැම දෙයක්ම සර්ව සම්පූර්ණ ලෙස සිදු විය යුතුයැයි යන මතයේ සිටීම
  • විශේෂිත වු අසහනකාරි සිදුවීම්
  • කල් පවතින පීඩාකාරී තත්ව: උදා. බීමත් සැමියෙකු සිටීම

විශාදය කොපමන කාලයක් පවතීද ?

විශාදය මාස 06 ක් – අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් පැවතිය හැක. නමුත් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගතහොත් මෙම රෝග ලක්ෂණ ඊට අඩු කාලයකින් සුවකර ගත හැක.

ප්‍රතිකාර ලබා සුව වු පසු නැවත විශාදය ඇති විය හැකිද ?

විශාදය රෝගය ප්‍රතිකාර මඟින් සුව වුවත් සියයට තිහකට නැවත විශාදය ඇති විය හැක. එබැවින් වෛද්‍යවරයා සමග කතා නොකර ප්‍රතිකාර නතර නොකළ යුතුය.

විශාදයට ප්‍රතිකාර කරන්නේ කෙසේද ?

විශාදය බොහෝ දුරට සුවකළ හැකි රෝගයක් ලෙස සැළකෙයි.  විශාදය සඳහා ප්‍රතිකාර වන්නේ ඖෂධ වර්ග හෝ මනෝ ප්‍රතිකාරය යි. එසේ නැතිනම් ඖෂධ හෝ මනෝ ප්‍රතිකාරය යන දෙකම යොදා ගත හැක. නමුත් අවාසනාවන්ත තත්වය වන්නේ විශාදය ඇති බොහෝ අය ප්‍රතිකාර ලබා නොගැනීම නිසා රෝගය උත්සන්න වී රැකියාව අහිමිවීම හෝ ඊටත් වඩා බරපතළ හානි සිදුවීමයි. මෙයට එක් හේතුවක් වන්නේ සමාජයේ මානසික රෝග ගැන ඇති වැරදි ආකල්ප සහ දුර්වල අව‍බෝධයයි. එසේම මානසික රෝග සඳහා ප්‍රතිකාර ඇති බව නොදැනීමයි.

පවුලේ අය හා හිතමිතුරන් වශයෙන් ඔබට කළ හැක්කේ කුමක්ද ?

ඉතා තදින් විශාදය ඇති අයෙකු සමඟ ජිවත් වීම හෝ උදව් කිරිමට යෑම අපහසු විය හැක. මක්නිසාදයත් විශාදය නිසා ඔහු හෝ ඇය නිතරම සමාජයෙන් අයින් වීමට තැත් කරන බැවිනි. නැතහොත් නිතර නොරිස්සීමෙන් සිටින බැවිනි. එසේම ඔවුන් තමාට මානසික රෝගයක් ඇතැයි පිලිගැනීමට අකමැති වනු ඇත.

ඔහු/ ඇය පවුලේ වෛද්‍යවරයා වෙත එක්ක යන්න උත්සාහ කරන්න. සමහරවිට ඔහුට/ ඇයට මෙ‍ම විස්තරය පෙන්වීම ප්‍රයෝජනවත් විය හැක.

— මුලින්ම මෙම ප්‍රකාශණය අම්පාර මනෝ සෞඛ්‍ය පදනම මගින් එළි දැක්වුණේ චාමින්ද විජේකෝන්ගේ මූල්‍යමය අනුග්‍රහයෙනි.—

This entry was posted in Uncategorized and tagged , , , , , , , . Bookmark the permalink.

මොකද්ද මේ විෂාද රෝගය? සදහා ප්‍රතිචාර 6ක් දක්වා ඇත

  1. පින්ග්කිරීම: Contents ඇති දෑ | මනෝ සෞඛ්‍යය

  2. Someone who needs Help පවසයි:

    මට මේක තියෙනවා මට පේන්නෙ…

    තමා අසරණ, කිසිම අනාගතයක් නැති, වැදගැන්මක් නැති කෙනෙකු සේ සිතීම/ දැනීම
    ඔව්
    ඩොක්ට මේක කියවන්න සම්පූර්ණයෙන්. විනාඩි පහක් යයි වැඩිම උනොත්. පින් සිද්ධ වෙනවා.

    නිසි ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් නිදා ගැනීම
    ඔව්.. අඩුවෙන් නිදන්නේ.. පැය 4-5-6

    තීරණ ගැනීමේ හෝ යමක් කෙරෙහි අවධානය යොමු කිරීමේ අපහසුව.
    අධ්‍යාපනය වගේ වැදගත් දේවල්වලට යොදවන්නේ මමම බලයෙන්. නමුත් පරිගණකයේ ඉන්න නම් පුළුවනි ඕනෑ තරම් වෙලා.

    එදිනෙදා වැඩ කටයුතු සඳහා ඇති උනන්දුව අඩු වීම්
    ඔව්…

    ලිංගික ජීවිතය ගැන උනන්දුව අඩු වීම
    ඇත්තෙන්ම.. පාසල් වියේදි නම් තිබුණා ලොවෙත් නැතිවෙන්න. නමුත් දැන් මට හැඟීම් දැනෙන්නේ නැහැ. කොහොමටවත් නෑ. කොහොමටවත්.. බෙලහීන සිද්ධියක් නොවෙයි. හොඳට වැඩකරනවා හැම දෙයක්ම. මට හැඟීම දැනෙන්නේ නෑ. ලිංගික ආශ්වාදය දැනීම කියන දේ නැත්තට නැති වෙලයි තියෙන්නෙ. ඒත් ශාරීරිකව කිසිම බෙලහීනතාවයක් නෑ.

    අන් අයගෙන් ඈත් වීමට තැත් කිරීම්‍
    ඔව්..

    ඉතා තදින් ඇති වන කල්පවතින දුක්මුසු භාවය
    දින කීපයක් තමයි දුක ඇති වුනාම නම් පවතින්නේ..

    හේතුවක් නැතිව හෝ ඉතා සුළු දේවල් මත හෝ තමා වැරදි කාරයෙකු යැයි සිතීම.
    තියෙනවා. දැඩිව තියෙනවා.

    ඉතා තදින් මහන්සිය දැනීම හෝ තමාගේ ඇගේ ශක්තිය අඩුසේ දැනීම.
    ඔව්. දැඩිව තියෙනවා. මම දුරුවලයෙක් කියන එකට අහගත්තා ඩොක්ට කෙනෙක්ගෙන් මෑතක. ඔහු කියුවෙ හිත හය්ය කරගන්නවා ළමයා ඔහෙට ඇති ලෙඩක් නැහැ අපෙත් වෙලාව කනවා කියලා.

    මේ ගැන විශේෂ දෙයක් කියන්නත් ඕනා. පාසල් යන අවධියෙ මට වතුරට බැහැපු ගමන් සෙම හැදෙනවා කියන මිත්‍යා මතය ඔළුවෙ පැලපදියම් වෙලා තිබුණු නිසාත් පුංචි කාලෙ ඉඳං පිරිසිදුව ඉන්න තිබුණු නොවුමනා කම නිසාත් කාලයක් අපිරිසිදුව හිටියා. එහෙම කිළුටුවට ඉන්න එකත් එක්තරා මානසික රෝගයක් මම හිතන්නෙ. දැන් නම් ඒ තත්ත්වය ඒ තරම් නෑ කියලා මම හිතනවා.

    මරණය ගැන නිතර සිතීම.
    ඔව්. බෙහෙවින් තියනවා. නමුත් මැරෙන්න නම් හිතෙන්නේ නෑ. එච්චර මෝඩයෙක් නෙවෙයි මම. නමුත් නිතර දෙවේලේ ජීවිතේ අස්ථීර බව හිතෙනවා.

    වෛද්‍යාචාර්යතුමා මට බෙහෙතක් කරගන්න සම්බන්ධ කරගන්නවද ? සල්ලි නම් නැහැ ලොකුවට බෙහෙත් කරන්න. අරක්කු ප්‍රශ්ණ නෑ මට. මම නිර්මාංශ, අමධ්‍යප කෙනෙක්.

    • fpmh පවසයි:

      පමා වීම ගැන සමා වෙන්න.

      ඔබගේ විස්තරය පමණක් නම් හරියටම පිළිතුරක් දෙන්න ප්‍රමාණවත් නැහැ. මා හමු විමට සඳුදා උදයේ ජාතික රෝහලේ 59 වාට්ටුවට පැමිණියොත් පුළුවන්.

      ලිපිය කියවීමේදී මට දැනුණේ ඔබට විෂාදය නොව ජීවිතයේ අසතුට නම් තත්වය ඇති බවයි. එය රෝගයක් නෙවෙයි. ඒ ගැන කතා කරන්නත් කැමතිනම් පුළුවනි.

  3. ishara පවසයි:

    aththatama ihatha kiu roga lakshana ma hatada atha eheth kenekuta kiyu wi
    ta nopiliganneya eya thawath hisata barakya ma kumak kraneda yanna ma hata nowatahe

  4. thisara පවසයි:

    ඩොක්ට මටත් මේ වගේ ප්‍රශ්නයක් තියනව .. හරියටම කිසිම විදියකින් එක දෙයක් ගැන අවධානය යොමු කරන්න බෑ පැත්තකට වෙලා ඉන්න හිතෙන්නෙ .. ලොකුම ප්‍රශ්නෙ තමා නොකරපු දෙයක් ගැන බය හිතෙනව උදාහරනෙකට බස් එකක යද්දි හිතෙනව එහා පැත්තෙ කෙනෙක්ගෙ මොනවවත් හොරකම් කරල කියල මට චෝදනාවක් එයි කියල හිතෙනව මේකට මොකද කරන්න ඕන

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )